කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, November 29, 2015

සිටිසන්ශිප්

අය්යෝ සිටිසන්ශිප් නෙවෙයි රජ්ජයම දෙනවා කිව්වත් මට නම් මේ ජිවිතෙ නම් එපා.

Thursday, October 1, 2015

කට්ටිය තායිලන්තයේ

අම්ම අප්පච්චි, මැණිකේ දිලාන්, දිලාන් නංගි ආන්ටි අන්කල් දින 6ක් තායිලන්තයේ. දිලාන්ගේ බර්ත් ඩේ පාර්ටි එකත් අරන් තිබුනේ එහෙදි. 

මැණිකේ එහෙ ඉදල වයිබර් family group එකට message එකක් දාල තිබුන "ලොකු ඔයාලත් එන්න මේ දෙන්න ටිකක් ලොකු උනාම." 

අපිට කොහෙන්ද බූල් පූසෝ කීවලු.
අපි කන හැටි ලිපා දනී.

අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ

"අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ".

"ඇයි බබා. හා දැන් නිදාගන්න."

"මම ඒක හිතල කලේ නෑ. බැරි වීමකින් උනෙ. කාටවත් කියන්න එපා."

"මොකද්ද."

"මගෙ අතින් මල්ලිගෙ ඇගිල්ල කැඩුන. අනේ අම්මෙ සෝ සොරි. මම ඒක හිතල කලේ නෑ"

සමන්මලිත් බය වෙලා නැගිටල බැලුවා. මල්ලි එහා පැත්තෙ සැපට නිදි.

"මම ආදරේට මල්ලිගෙ ඇගිල්ල ඇල්ලුව උම්ම එකක් දෙන්න. එතකොට තමයි කැඩුනෙ."

"නෑ බබා. මේ මල්ලි නිදාගෙන ඉන්නෙ. එයට මොකුත් වෙලා නෑ."

"එයා පොඩි හින්දා ආයෙ ඇගිල්ල එනවා නේද? මොකුත් වෙන්නෙ නැති වෙයි නේද?"

"නෑ. සුදු බබා ඔයා බය වෙන්න එපා. මල්ලි මේ හොදට නිදාගෙන ඉන්නෙ. ඉන්න මම ඔයට මල්ලිගෙ ඇගිලි පෙන්නන්න."

නිදාගෙන ඉන්න මල්ලිගේ අත් දෙකම ප්‍රවේසමෙන් ගෙන අක්කාට දුන්නාය.

ඇගිලි එකෙන් එක පරීක්ශා කලා. අන්තිමට නිදා සිටින මල්ලිගෙ අත් දෙකම අල්ලා උම්ම එකක් දී අක්කා නැවතත් කොට්ටයට බර වූවය.

"මට ඒ වෙලාවෙනම් ගොඩාක් දුක හිතුනා. සෙතූ නම් මල්ලිට හරීම ආදරෙයි. "

සමන්මලී දවසේ විස්තරය කීවාය.

"හ්ම් ම්. අපේ හොදම කෙල්ලනෙ ඉතින්. එහෙනම් මම තියන්නම්. ටිකක් බිසි. බායි."

"බායි. බබා අප්පච්චිට බායි කියන්න".
"බායි ඩැඩී."
"බායි බබා."

Sunday, September 20, 2015

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.

ඔවුන් අනිකුන් කෙරේ කෙසේ සැලකුවත්, බෞද්ධ අපි මිනිසුන්ගේ පමණක් නොව සියලු සතුන් ගේ දුක වේදනා හොදින් හදුනන්නෝ වෙමු. 

මේ දිනවල නිතර දකින සරණාගත අර්බුදය සම්බන්ධ පින්තුර අතරේ මේ චායාරූප දෙක මා කම්පා කරන්නට සමත් විය. සමහර විට මේ තුලින් මමත් මා ආදරණිය දියණියත් බිරිදත් දුටු නිසා වන්නට පිළිවන්




තම ආදරණිය පියාණන්ගේ  දෑතේ ලූ මාංචු ගෙන දෙන වේදනාව ලෝකයේ සීමා මායිම් නොදන්නා මේ සිගිති දියණියට රිදුම් දුන්නා ය 

තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.  

මොනවද දෙන්න ගෑනියි මිනිහයි වගේ කුටු කුටු ගන්නෙ


තවත් එක් සති අන්තයක්. කලෙකට ඉස්සර උනු දේවල් මතක් වෙන්නෙ ඉබේම වගේ. පාලුවෙන් තනිකමෙන් ඉන්නකොට තමයි සුන්දර අතීතය මතක් වෙන්නෙ

මගෙ වයස අවුරුදු 10 ක් 11ක්  විතර ඇති.  මල්ලිට 8 විතර. අප්පච්චි ප්‍රවුර්ති අහන්න පුරුදු කරල තිබුනෙ. ඔය කලෙ පුද්ගලික විද්යුත් මාධය තිබ්බෙ නෑ. 88, 89 කලෙ රටේ වෙන දෙවල් අහුවෙ බි. බී සී සින්හල සෙවයෙන්. හරියට අහෙන්නෙත් නැ. කෙටි තරන්ග වලින් අහන්නෙ. මමත් මල්ලිත් රෙඩියො එක ඇදට අරගෙන බී. බී. සී එක අහනව. මට තාමත් මතකයි එල්මො ප්‍රනාන්දු ගෙ කට හඩ. බීබීසී ලෝක සේවයට එල්මො ප්‍රනාන්දු කොලබ සිට

අනිත් චැනල් එක තමයි වෙරිටාස්. මතක විදිහට ඕක අහු උනෙ මටයි මල්ලිටයි. අපි මෙකට කැමතියි. කලින් පටන් ගන්න හින්ද. 

රේඩියො එකත් දාගෙන මමත් මල්ලිත් ඉස්කොලෙ උනු දේවල් කතා වෙනව. බෙඩ් ශීට් එකත් පොරව ගන්නවද කොහෙද. සෙල්ලම් කරපු හැටි. මම කීයක් ගහුවද මෙයා කීයක් ගහුවද් අවුට් උනෙ කොහොමද්?

මට තාමත් මතකයි. මල්ලි ගෙ යලුවෙක් පිනුම් ගහන විදිහ රස කර කර මිනිහ විස්තර කරනව. (මල්ලි කොහොම හරි පිනිම් ගහන්නත් ඉගෙන ගත්තා.  මට පිනුම් ගහන්නත් බෑ. ඉගෙන ගන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ )

ඔය වගෙ දේවල් කතා කර කර ඉන්නකොට කාමරෙට අපු අම්ම හරි, කිරි අම්ම හරි අහුව 

මොනවද දෙන්න ගෑනියි මිනිහයි වගේ කුටු කුටු ගන්නෙ

කියල. 

Sunday, August 30, 2015

අම්මා කෙනෙක් වීම


අත්තම්මේ මට ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ඕනේ. 

ඇයි සේතු එච්චර ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න හිතුනේ.

මටත්  එතකොට මල්ලිට කුක්කු දෙන්න පුළුවන්නේ . 


පසු සටහන,

මෙවන් ආදරණීය සහෝදරියක් ලැබීමට ඔබ පෙර පින් හේතු වන්නට ඇති. දිවි ඇතිතෙක් මේ බැදීම එලෙසම පවතිනු දැකීම අම්මගෙත් මගෙත් පැතුමයි

Friday, August 21, 2015

අම්මට මල්ලිව අමතක වෙලා


සමන්මලී සේතු අශ්වින්, අම්ම අප්පච්චි, මල්ලි සුමුදු දෙව්, සමන්මලී අම්ම තාත්ත, මැණිකේ දිලාන් සුදු නැන්ද , අන්කල්. ඩී . නැන්ද . චමින්ද අලුත් යේලි, ඔක්කොම බොරලස්ගමුවට අවා. හැමෝටම පොඩි පොඩි වැඩ. 

සමන්මලිත්, සමන්මලි මල්ලිත් සේතුත් හදිසි වැඩකට පිටත් වෙලා 
තිබුනේ. සේතු නිදි. හදිස්සියෙන්ම සෙතු නින්දෙන් නැගිට්ටා. 

සෙතු : අම්මා කෝ මල්ලි . 
අම්මා : මම දන්නේ නැ
සෙතු : ඇයි ඔයා බලා ගත්තේ නැද්ද? 
අම්මා : නැ මම හිතුවේ ඔයා එයා එක්ක ඉන්නවා කියල 
සෙතු : ඇයි ඉතින් ඔයා එයාව බලා ගත්තේ නැත්තේ, එයා  ආවේ එයාගේ බඩෙන් නේ . ඔයා නේ එයාව බලා ගන්න ඕනෙ .
මාම : සෙතුට ඉතින් මල්ලි නැති උනාට අපි ඉන්නේ 

සෙතු : මට ඔයාල කවුරු හිටියත් වැඩක් නෑ එයා නැතුව 

ආපසු හිනා පොදක් දැක්කේ ගමන ගොස් පැමිණි පසු මල්ලි සියා එක්ක ඉන්නවා දැකීමෙන් පසුවයි.

Thursday, August 20, 2015

අතිගරු මහින්ද රාජපක්ශ මැතිතුමනි ඔබ තුමන්ට මගේ උත්තමාචරය

අගෝස්තු 18 තීරනය මීට වඩා වෙනස් වූවනම් මම කෙදිනකවත් මෙවනි සටහනක් තබන්නට ඉඩ තිබිනි. 

මට ඒ යුගය අද මෙන් මතකය. ඒ 2007 අවුරුද්දයි. මම ඒ දිනවල වැඩ කලේ බොරැල්ල අසන්නයේ තිබූ අයතනකය. දිවා ආහරය සදහා අපි බොහොවිට යන්නේ උපවන්ශ හොටලයටයි. තත්වය එන්න එන්නම දරුනු වෙමින් තිබිනි. කොයි මොහෙතෙ බොම්බයකට ගොඩුරු වෙදයි බියෙන් අපි සියලු දෙනා එක්ව පරේ ගමන් කිරීම කිරිම අඩු කලෙමු. 

සමහර විට යුද්දයෙන් අවම බැට කෑ මිනිසා මම වෙන්නට පුලුවන. 

2007 පමන අවසනයේ මම විදේශ ගත වුනෙමි. 2009 ලංකවට පය තබන මොහොතේ අති වූ හැගීම වචනයෙන් විස්තර කල නොහැක.

කවුරුන් කෙසේ කීවත් සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමේ අවස්තව උදකර දුන්නේ ඔබයි. 

අතිගරු මහින්ද රාජපක්ශ මැතිතුමනි ඔබ තුමන්ට මගේ උත්තමාචරය.

 


Sunday, August 16, 2015

මා ආදරණීය නෑනාට

මා  ආදරණීය නෑනාට

උපන් දා දිටම පවතී සෑම චන්දය කදීම ඔයා චන්දය දුන්නේ UNP එකටයි. අපේ මල්ලිව බැන්ද කියල ඔයා එක වෙනස් කලෙත් නැ අපි වෙනස් කරන්න උත්සහ කලෙත් නෑ. පසුගිය ජනාධිපති වරණ හැර අනීති සියල්ලම පරද උනා. ඔයා ගේ මතය මේ චන්දෙදි වෙනස් කල. රටේ වෙන දේ තේරුම් ගන්න ඔයාට පුළුවන් උන. සමහර විට ඔයා පරදියි. පරාද  වෙන එක දුකයි තමයි. එත් කමක් නෑ.ඔයාගේ  පොඩි උන් ට රටක් නැති උණු දවසට උන් ඔයා බනින ට එකක් නෑ .

නිසි මොහොතේ නිසි තීරණය ගති මා ආදරණීය නෑනට මගෙත් ජාතියේත් උත්තමාචාරය.

Friday, August 14, 2015

චූටි කුක්කු

ඇයි ඇන්ටි මගෙ කුක්කු අම්මගෙ කුක්කු වගෙ ලොකු නැත්තෙ

Sunday, July 26, 2015

මමද ගුරු ගීතය කියෙවීමි

හරි ඔබටත් ඔබේ ඇයටත් මම ණය ගැතියි. 

මමද ගුරු ගීතය කියෙවීමි. 

ගුරු ගීතය රසවිදින්නට, හඩන්නට සංවේදී හදවතක් දායාද කල ගුරුවරියක් වූ ම ආදරණීය අම්මටත්, අප්පච්චිටත් දීර්ගයුෂ ලැබේව. 


http://dreamsofharee.blogspot.ie/2015/05/blog-post.html


Tuesday, July 14, 2015

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම


මම ලංකාවට යනකොට අරන් යන්න හොද home security system එකක් amazon එකෙන් ඕඩර් කරලා තිබුනේ. එත් ගෙවීමේ ප්‍රශ්නයක් අපු හින්ද ගන්න බැරි උන. එකේ ප්‍රතිපල අද හම්බ වෙලා තිබුන. 

උදේ පාන්දර කට්ටිය කතා කරන්න ගත්ත. අම්ම සුපුරුදු දේශනාව පටන් ගත්ත. වෙන්න තියන දේ වෙලා ඉවරයි. පාඩුව මහා ලොකු ගානක් නෙවෙයි. කාටවත් කරදරයක් නොවුණු එක ලොකු දෙයක් 

ලක්ෂයක් විතර jewellery, සමන්මලී ට bday එකට හම්බ උණු 25 ක් විතර සල්ලි අරගෙන තිබ්බ. ලගදී ලංකාවෙන් යන්න ඉන්න හින්ද ඔක්කොම වගේ දීල තිබුනේ සල්ලි.

මේක අහපු ගමන් security ස්ය්ස්ටෙම් එකක් order කල. 

Saturday, June 27, 2015

සති දෙක ගියේ සුටුස් ගාන කොට

සති දෙකටට ලංකාවට (Jun 27th to July 12th). 

ලංකාවට අඩිය තිබ්බම පුදුම සතුටක්  නිදහස් බවක් දැනෙන්නේ. 

 සමන්මලී මල්ලිත් මිනිහගේ වෙඩිමට ගෙදර ඇවිත්. ගොඩක් කාලෙකට පස්සේ පවුලේ ඔක්කොම එකතු වෙනවා. මිය ගිය සියලු දෙනා  සිහි කරලා පිරිතකුත් දනයකුත් දෙන්න ගෙදර ලැහැසති කරලා. හාමුදුරුවරු 15ක් වැඩමවෙව්වා. 

එක බැග් එකක් airport එකේ අමතක වෙලා අව. ඩී නැන්දගේ වෙන්න මහත්තය ගේ පිහිටෙන් බැග් එක හොයා ගත්තා .

ඇසළ පෝයත් ආවා. ගමේ දන්සලටත් සහභාගී උන. 

දවස් 4ක් කරන්ගමුවේ. 

කසබේවට අවේ. ගොඩක් කාලෙකට පස්සේ wife office එකටත් sethu මොන්ටියටත් ගිහින් දැම්ම.  හවසට එක්ක අව. මොනවා උනත් ඉස්සර කොච්චර ලස්සන අතීතයක් තිබ්බද? 

ඊලග වීකෙන්ඩ් එක ඇල්පිටිය. 

සති දෙක ගියේ සුටුස් ගාන කොට

පුදුමේ කියන්නේ එනකොටත් බැග් එකක් නැති උනානේ. පස්සේ එකත් හම්බුනා.



Monday, May 11, 2015

දරුණු වෛරසයක් ... ගාමිණී කොරතොටට බිබිලි දාල...

බබාට මීටරේ බලන්නත් ඕඕනේ 
කිරි අම්මට දෙකකක් දෙන්න හිතෙනවා 

Sunday, April 12, 2015

pk


මම අද pk මූවි එක බැලුවා.

ඒක බැලුවාම මට ගන්න තිබුනේ මම දන්න අදහන දෙයක්.

"ලෝකේ හොදම තැන ගෙදර"

සේතුගේ preschool එකේ අවුරුදු උත්සවේ තිබුනේ ඊයේ. ගිය සැරේ එකටම මැණිකෙයි දිලනුත් ආව. දැන් සේතු ටිකක් පරණ හින්ද එයාල ඇවිත් තිබුනේ නේ. උත්සවෙන් පස්සේ මැණිකේ, දිලාන්, සමන්මලී, සේතු අශ්වින් මැණිකේ ලගේ ගෙදර උදව්වට ඉන්න කෙනා හැමෝම එකතු වෙලා අපේ ගෙදර (කටුපොත) ගිහින්. මැණිකෙයි දිලනුයි අශ්විනුයි එයාලගේ කාර්  එකේ, සමන්මලී, සේතු, මැණිකේ ලගේ ගෙදර උදව්වට ඉන්න කෙනා අපේ කාර්  එකේ. 

මට මල්ලි නැතුව happy නෑ. මට පුළුවන් මල්ලි මෙතන තියා ගන්න. 

---

අම්ම, අප්පච්චි, සුමුදු, දෙව්, මැණිකේ, දිලාන්, සමන්මලී, සේතු අශ්වින් හැමෝම අවුරුදු වලට එකට. මමයි මල්ලි නෑ. අවුරුද්දට ගෙදර ඉන්නේ නැති පලවෙනි පාර  මේක නෙවෙයි. ඒත් දැන් දැන් මට මහා පාළුවක් දැනෙන්න අරන්.  

"ලෝකේ හොදම තැන ගෙදර"

Monday, March 23, 2015

පුතාගේ පලවෙනි උපන්දිනේ

පුතාගේ පලවෙනි උපන්දිනේ 

අක්කට වාසිය. no monti today. ලංකාවේ හිටපු නෑදෑ පරපුර හැමෝම ඇවිත් හිටිය. සංවිධානය තනිකරම සමන්මලී. ඒක  නිසා මොකද උනේ කියල මම දන්නේ . මම නැ. කොල්ල බාප්පා වගේලු. එත් බාප්පත් නැ. චූටි මාමත් නෑ.

pizza hut එකෙන් ඕඩර් කරලා ළමා නිවාසෙට දානයකුත් දුන්න. 

පසු සටහන 
ඩී නැන්දා ෆොටෝ දල facebook එකට. පස්සේ දවසක් call කර. 

අය්යෝ මොකද්ද අය්යේ මම comment එකකුත් දැම්ම  ... ayya, we miss you a lot කියල. oya එකටවත් reply ekak දැම්මේ නැනේ. 

Sunday, March 22, 2015

මොනවද මේ අපේ ජීවිත?

හෙට පුතාගේ උපන්දිනේ. කිරි අම්මයි අත්තම්මයි දෙන්නම කස්බවේ. පොඩි උන් එයල  එක්ක උපරිමේට විනෝද වෙනවා. පොඩි උන්ට අම්ම අප්පච්චි, ඇත්ත කිරි අම්ම නැති ජීවිත මොකටද කියල හිතෙනවා.  මම මෙහෙ තට්ට තනියම. තව මස දෙක තුනකින් ස්තිරෙටම මෙහෙට එන්න තමයි plan එක තිබ්බේ. එත් දැන්නම් එයාලව ගෙන්න ගන්න දුකයි වගේ. මෙහෙ අවොත් ගෙට හිර වෙලා ඉදියි. 

මල්ලි දැන් සිගප්පුරුවට ගිහින් අවුරුදු 2 කටත් වැඩි. සුමුදුයි බබයි අම්මයි අප්පච්චි එක්ක. තව ටික දවසකින් මල්ලි එයි. ඇවිත් ඔස්ට්‍රේලියාවට යයි ස්ථිර පදිංචියට. ඒ පිටි පස්සෙන් මැණිකෙයි ඩිලානුත් යයි. 

අපේ මේ දුරස් වීම් හිත ගන්න බැරි තරම් අමාරුයි. අපේ දරුවෝ තමන්ගේ සහෝදරයෝ ඇරෙන්නේ වෙන කිසිම සම්බදයක් නැති උන් පිරිසක් වෙයි. මීට අවුරුදු 5 කට විතර කලින් අපි කොච්චර හොදට එක පවුලක් විදිහට හිටියද? සේතු මෙහෙ ඇවිත් මාස  6යි හිටියේ. එයට දෙව් ගේ නම අමතක උනා . ඉතින් ඉදිරියට කොහොම වෙයිද? 

ඇත්තටම මොනවද මේ අපේ ජීවිත?

Friday, February 27, 2015

office සහ school අතර වෙනස

දුව      : ඇයි අම්මා ඔයා එන්න ලේට් වෙන්නේ. 
අම්ම   : අම්මට office එකේ වැඩ තියනවනේ. ඒවා ඉවර කරලා එනකොට පරක්කු වෙනවා. 
දුව      : මම ලොකු වෙන්න ආස නෑ. 
අම්මා : ඇයි 
දුව      : ලොකූ උනාම office යන්න වෙනවනේ. school යන එක හොදයි. ඉක්මනින් ගෙදර එන්න පුළුවන්.




Saturday, January 10, 2015

මගේ brush එක මොන පාටද



පහුගිය ගිය දින තුනේදීම උදේ දත් මැදීමට පෙර 

"මගේ brush එක මොන පාටද"

"කොළ පාට "

අද උදේ බුරුසු තුන තියන තැනට ගියෙමි. කාගෙන් අහන්නද ?


---------
සටහන 

මේ ලෝකයේ හොදම සැමියා මම නොවෙමි. හොදම බිරිදද ඔබ නොවේ. නමුත් මට ඔබ නැතිව බැරි බව මට වඩා හොදින් ඔබ දන්නා බව දනිමි. 

අප්පච්චි, I love you so much, please come


Athlone වලින් bus එකට නැගල සේතුට seat belt දැම්ම. සෑහෙන වෙලාවක් මගේ දිහා බලාගෙන හිටිය. "Good Bye අප්පච්චි". ඇස් කදුළු කැට මතු වෙනවා. (එය හිතල තියෙන්නේ මම මෙතනින් නවතිනවා කියල )

"අප්පච්චි අපිත් එක්ක එනවනේ. දැම්ම යන්නෙ නැනේ". නෝනා කදුළු පිහ දැන ගමන් කිව්වා. 

මමත් මගේ දුවගේ නළල ඉබින අතරේ හොරෙන් කදුළු පිහදා ගත්ත . 

"OK Daddy". කට පුරවල අයෙත් හිනා වෙනවා 


-------

ගමන අතරේ ආයේ දවසක් 

අප්පච්චි, I love you so much, please come (with us)

-------
මේක ලියන්න කොච්චර කාලයක් ගත්තද? කීපාරක් අප්පච්චි ඇඩුවද කියල  ඔය දන්නේ නෑ මගේ දුවේ. අප්පච්චිත් ඔයාට ගොඩක් ආදරෙයි 

Friday, January 9, 2015

දින 5ක් ලන්ඩනයේ


කාලය ඉගිල්ලෙනවා. මාස 6 කුත් ගෙදිල ගිය. අනිත් අයට  යන්න කාලේ ඇවිත්. ආපහු යන අතරේ දවස් 5 ක ලන්ඩන් සංචාරයක් දාගත්ත. අරන් යන්න බඩු ගොඩයි. අත පය දාල ආවත් මගේ නෝනා බඩුනම් දාල යන්නේ නෑ. ආවට පස්සේ කන්න මට කෑම ගොඩකුත් හදලා. 

3 වෙනිදා හවස Athlone වලින් එන්න පිටත් උන. මගේ යාලුවෝ චිරාග්-භූමිකා , සවුරව්-මායා  අපිව ඇරලවන්න bus station එකට ආවා. bus එකෙන් ඩබ්ලින් වලට එතනින් ෆෙරියේ එංගලන්තයට. නැවත bus එකෙන් ලන්ඩනයට. 

4 වෙනිදා උදේ අමාරුවෙන්, තරහ වෙවී යාලු වෙවී  හෝටලයට ආවා 

ලන්ඩන් අයි, වෙස්මිනිස්ටේර් ඇබේ, බිග් බෙන්, තේම්ස් නදියේ බෝට්ටු සංචාරය, ලන්ඩන් කුලුන, කෞතුකාගාරය, වෙලින්ටන් අරුක්කුව, බකිංහම් මාලිගය අවට, රාජකීය ඇල්බට් ශාලාව, කෙනිස්ග්ටන් මාලිගය හා උද්‍යානය, මඩමි ටුසඩ්, ලංකාවේ සේකරගේ ලන්ඩනයේ රෙස්ටුරන්ට් එක අපේ සිත් ගත් තැන් උන. 

8 වෙනිදා රෑ 8.50 ට (තරහ වෙවී යාලු වෙවී ) UL 504 යානයේ නෝනත් දුවත් පුතත් ලංකාව බල පිටත් උන. මම ආපසු හෝටලයට.