කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Sunday, March 18, 2012

පිලිපීනයේ බගියෝ (Baguio) ගමන.

මේ සති අන්තයේ යන්න තැනක් හොයා හොයා හිටියේ. එහෙම ඉන්න කොට ලංකාවේ නුවර එලිය වගේ මේ ලස්සන town එක හම්බ උන. ඉන්දියාවේ සුරේෂ් තමයි මුලින්ම අදහස දැම්මේ.

සිකුරාදා රැ 9.30 අපර්ට්මෙන්ට් එකෙන් පිටත් උන. මුලින්ම සමන්මලී ට කිව්වේ නේ පැය 8 ක් බස් එකේ යන්න තියනවා කියල. එහෙම උනානම් බබා එක්ක යන්න බේ කියල අනිවා කචල් අදිනවා. ස්ටෂන් එකටත් ගිහින් ටිකටුත් ගත්තට පස්සේ තමයි කිව්වේ,

යන අතරේ තැන දෙකක බස් එක නතර කල. දුව එතරම් වදයක් දුන්නේ නෑ. අපේ හොද කෙල්ලනේ :).
උදේ 7 ට විත බැස්ස. හොටෙල් එකක් බුක් කල. ගිහින් වොෂ් එකක් දල pizza කව. මෙහෙදී කෝකටත් දෙය්ය තමයි pizza :)

දවස පුරාම එක එක තැන්වල ඇවිද්ද. පස්සේ පුළුවන් උනොත් ෆොටෝ ටිකක් දාන්නම්.



රැ බබා ව නිදි කරලා තිබ්බ විතරයි අයෙ ඇහැරුනා. නිදා ගන්නෙම නේ. පස්සේ අයෙ අන්දවාගෙන starbuck එකට ගිහින් coffee එකක් බිව්වා. සාමාන්යෙන් අපි ගන්නේ cool නේ එත් අද ගත්තේ hot . බබා වීරයා වගේ ෂර්ට් එකක් වත් නැතිව හිටියේ.

පහුවද උදේ පොඩ්ඩක් ඇවිදලා එන්න පිටත් උන. 10.20 බස් එක එහෙන් අද්දුවේ. තව ටිකෙන් මට බස් එක මිස් වෙනවා. සමන්මලී යන්තං බස් එක නවතාගෙන තිබුන.
යහතින් හවස 4.30 ට විතර අපහු නවාතැනට ආව.

ප. ලි.
අවට පස්සේ සමන්මලී ට ඇලගික් එකක් ආව.
දුවට හෙම්බිරිස්සාව හදුනා.

No comments:

Post a Comment